කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් නාවික හමුදාව සොයා ගනී
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත්, චලෙයි නාවික අනුඛණ්ඩයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කරන ලද වැටලීමකදී අද (7) චලෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 24 ක් සොයැගැනීමට සමත් විය.

සොයාගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ධර්මපුරම් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.