ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපති හමුවෙයි
 

ඒකාබද්ධ කාර්ය සාධක බළකායේ ‘CTF 150’අණදෙන නිලධාරී, කොමදෝරු බිලාල් අබ්දුල් නසීර් මහතා අද (25) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

25 Oct 2016

බංගලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් “සෙයිඩ් නස්රුල්” සහ “තාජුඩීන්” යන නෞකාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදාධිපති හමුවෙයි

සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු ‍ වූ බංගලාදේශ වෙරළාරක්ෂක බලකායට අයත් “සෙයිඩ් නස්රුල්” සහ “තාජුඩීන්” යන ‍නෞකා ද්විත්වයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන බංගලාදේශ වෙරළාරක්ෂක බලකායේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, කොමදෝරු යහ්යා සයිඩ් මහතා ඇතුලු නෞකාවන්හි අණදෙන නිලධාරීන් ලෙස කටයුතු කරන කපිතාන් මොහොමඩ් සලිහුඩීන් සහ කපිතාන් මොහොමඩ් හසාන් තරීක් යන නිලධාරීන් අද (25) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජ්ගුණරත්න මහතා හමුවිය.

25 Oct 2016

නීති විරෝධී දැල් සමඟ පුද්ගලයන් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (23) පලුගහතුරේයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Oct 2016

බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් කොළඹ වරායට පැමිණේ
 

බංගලාදේශ වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් වන “සෙයිඩ් නස්රුල් ” සහ “තාජුඩීන්” යන නෞකාවන් අද (25) කොළඹ වරායට සේන්දු විය.

25 Oct 2016