නීතිවිරෝධී ලෙස කැස්බෑවෙකු ඇල්ලූ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන ආයතනය (NARA) වෙතින් ලැබුණු ‍තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වයඹ නාවික විධානයට අයත් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (20) නොරෙච්චෝලේ සහ කප්පල්අඩි කළපුව අතර ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ කැස්බෑවෙකු සමඟ පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

20 Oct 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 35 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් සිලාවතුර හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා‍ ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (19) අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 Oct 2016