ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ සමාප්තිය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්

ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩාකාවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් වර්ෂ දෙකකට වරක් පවත්වනු ලබන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල (2016) සමාප්ත කරමින් ජයග්‍රාහකයන් හට ත්‍යාග ප්රදානය කිරීම ඊයේ (22) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා කඳවුරේ නව ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් විය.
23 Aug 2016
තහනම් දැල් භාවිතා කරමින් මසුන් මැරූ ලාංකික ධීවරයින් 22 දෙනෙකු අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයේ නිලාවේලි හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (22), නිලාවේලි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 22 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 5ක් අත්අඩංගුවට ගන්නා ලදී.
23 Aug 2016
අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) කල්මුණේ තුඩුව සහ මණ්ඩතිව් මුහුදු තීරය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
23 Aug 2016