කුමන ජාතික වනෝද්‍යානය අවට පිරිසිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරයි
 

ගිණිකොන නාවික විධානය භාර ආඥාපති කොමදෝරු සුමිත් වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (18) ඔකඳ සිට කුඹුක්කන්ඔය දක්වා කුමන ජාතික වනෝද්‍යානය ආවරණය වන පරිදි කිලෝමීටර් 23 ක භූමි ප්‍රදේශයක් පිරිසිදු කිරීමේ කර්තව්‍යයක නිරත විය.

19 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩාහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (18) මුඩ්ඩලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

19 Jul 2016