බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ලාංකික ධීවරයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (14) මන්ඩතිව් හා කල්මුණේ තුඩුව මුහුදු තී‍රය අතර බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

15 Jul 2016

නාවික හමුදාධිපති එක්සත් ජනපද ශාන්තිකර නාවික බලකා අණදෙන නිලධාරී හා ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර මැරීන් දියත් බලකායේ ආඥාපති මුණ ගැසෙයි
 

මේ දිනවල ඇමරිකාවේ නිළ සංචාරයක යෙදී සිටින, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්කොට් එච් ස්විෆ්ට් මහතා සහ ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර නාවික බලකායේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ජෝන් ඒ ටූලන් මහතා මුණ ගැසීම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියාහි දී පැවැත් වූ 2016 ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුවේදී සිදු විය.

15 Jul 2016

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

මන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (15) අත්අඩංගුවට ගන්නා ලදී.

15 Jul 2016