ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුව සදහා නාවික හමුදාධිපති සහභාගි වේ
 

ඇමරිකානු මැරීන් බලකායේ අණදෙන නිලධාරී සහ ඇමරිකානු ශාන්තිකර මැරීන් දියත් බලකායේ ආඥාපති වන ලුතිනන් ජෙනරාල් ජෝන් ඒ ටූලන් මහතාගේ ආරාධනයකට අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහ නාවික ලේකම් කොමදෝරු උදය හෙට්ටිආරච්ච් මහතා, 2016 ජුලි මස 11 වන දින සිට 14 වන දින දක්වා ඇමරිකාවේ දකුණු කැලි‍ෆෝනියාවේදී පැවැත්වෙන 2016 ශාන්තිකර කළාපයේ භූජල තරණ නායකයන්ගේ සමුළුව සඳහා සහභාගි වේ.

13 Jul 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් නච්චිකුඩාහි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා බුවනක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (12) මුඩ්ඩලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

13 Jul 2016