ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

කුදිරමලෙයි තුඩුවට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (4) අත්අඩංගුවට ගන්නා ලදී.

04 Jul 2016

නාවික පවුල්වල දරුවන් වෙත නාවික සුභසාධක ඒකකය මගින් පරිත්‍යාග
 

නාවික හමුදා සමාජීය මෙහෙවර අරමුදල මගින් නායක නැවි (කිමිදුම්) එච්ආර්සී කුමාර ගේ දරුවා වෙනුවෙන් ත්‍රී ‍රෝද රථයක් ප්‍රදානය කිරීම සහ නායක ඉංජිනේරු කාර්මික ඒඒජේඒබී බස්නායක යන නාවිකයාගේ දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මුදල් පරිත්‍යාග කිරීම අද (4) අධ්‍යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් එරික් ජයකොඩි මහතා අතින් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

04 Jul 2016

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ලාංකික ධීවරයින් 46 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානයට අයත් පානම, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (3) ඔලුවිල් සහ කල්මුනේ අතර මුහුදු සීමාවේදී කිමිදුම් උපකරණ භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

04 Jul 2016