2016 අන්තර් විධාන ක්‍රිකට් ශූරතාවලිය
 
 

2016 අන්තර් විධාන ක්‍රිකට් ශූරතාවලිය, නාවික හමුදාවේ සියළුම විධාන නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 9 ක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 6 ක ගේ සහභාගීත්වයෙන් ජුනි මස 20 වන දින සිට 26 වන දින දක්වා ත්‍රිකුණාමලයෙහි පිහිටි නාවික සාගරික විද්‍යාපිඨ ක්‍රිඩාංගනයේදි පැවැත්විය. මෙහි අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහභාගී විය.

මෙම තරඟාවලියේදී පිරිමි අංශයේ ශූරතාවය දකුණු නාවික විධානය විසින් දිනා ගාන්නා ලද අතර, කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය කණ්ඩායම විසින් දිනා ගාන්නා ලදි. එහිදී දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් බටහිර විධාන කණ්ඩායම නියෝජනය කළ ප්‍රධාන සුළු නිලධාරී ආර්එම් ජයසුරිය විසින් කුසලාන හිමිකරගත් අතර, දකුණු නාවික විධාන කණ්ඩායම නියෝජනය කළ බල කාන්තා නාවික කේඑම්ඒ කෞෂල්‍යා විසින් දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි කුසලාන දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාව සදහා නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගි විය.