ප්‍රංශ නාවික හමුදා අකොනිට් නෞකාවේදී උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සවයක් පවත්වයි
 

දින 7 ක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ප්‍රංශ නාවික හමුදාවේ අකොනිට් නෞකාවේ ආගන්තුක සත්කාර පිළිබිඹු කරමින්, අද (29) දහවල් උණුසුම් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබිණි.

29 Apr 2016

ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
 

ප්‍රංශ නාවික හමුදාවේ “අකොනිට්” යුධ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (29) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, එම නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිළිගන්නා ලදී.

29 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 16 දෙනෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්විය.

29 Apr 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (28) කච්චතිව් දූපතට නිරිත දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලාංකික පුද්ගලයින් 6 දෙනෙකු, අත්අඩංගුවට ගන්නා ලදී.

29 Apr 2016

කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම විසින් රචිත ˝A VIEW FROM THE INTERNATIONAL MARITIME BOUNDARY LINE INDIA – SRI LANKA˝ නම් කෘතිය එළි දැක්වේ


කපිතාන් ප්‍රසාද් කාරියප්පෙරුම මහතා විසින් රචනා කරන ලද ˝A View from the International Maritime Boundary line India – Sri Lanka˝ නමැති සිය කුළුදුල් කෘතිය එළිදැක්වීමේ උළෙල ඊයේ (28) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි.

29 Apr 2016