කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (25) ඌරුමුනෙයි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

25 Apr 2016

මියගිය ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ගුණ සමරු උත්සවය සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, අතිගරු බ්‍රයිස් හචසන් මහතාගේ ආරාධනයකට අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (25) අළුයම 0530 ට බොරැල්ල කනත්තේ ස්ථාපිත කර ඇති ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත සොල්දාදුවන් අනුස්මරණය කිරීමේ ස්මාරකය අභියස පැවැති ගුණ සමරු උත්සවයට සහභාගී විය.

25 Apr 2016

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් නවදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කන්කසන්තුරය, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අනුයුක්ත පී 490 වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ඊයේ (24) චුන්ඩිකුලම් සහ චලෙයි අතර මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

25 Apr 2016