ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් වැලිසර දී ක්‍රීඩා තරඟ හා විවිධ ප්‍රසංගයක් පවත්වයි
 

දෙරටේ නාවික හමුදාවන් අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා නාවික හමුදා සහ ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් අද (16) ශ්‍රී ලංකා නාවික ‍නෞකා ගැමුණු ආයතනයේ ක්‍රීඩා පිටියේදී ක්‍රීඩා තරඟ කීපයක් පවත්වන ලදී.

16 Apr 2016

ශ්‍රී ලංකා හා ඉන්දීය නාවික හමුදා පුහුණුවන නිලධාරීන් උස්වැටකෙයියාව මුහුදු තීර‍ය පිරිසිදු කරයි
 

පසුගිය 15 වන දින පුහුණු සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ තීර්, සුජාතා සහ වෙරළාරක්ෂක බළකායේ වරුණ යන නෞකාවන්ගෙන් සමන්විත ඉන්දීය පළමු පුහුණු නාවික බලඝණයට අයත් ඉන්දියානු නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුහුණු වන නිලධාරීන් විසින් අද (16) ඒකාබද්ධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

16 Apr 2016

ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, ත්‍රිකුණාමලයේ නිල සංචාරයක නිරත වෙයි

දින 6 ක නිල සංචාරයක් සඳහා පසුගිය දින දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් ගිරිෂ් ලුත්‍රා මහතා සහ එම මැතිණිය ඊයේ (15) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ සංචාරයක් සඳහා එක්විය.

16 Apr 2016