ඉන්දීය ධීවරයින් 96 කට සහ ශ්‍රී ලාංකික ධීවරයින් 9 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 96 දෙනෙකු ඉන්දීය රජය වෙත භාරදීම සහ ඉන්දීය අත්ඩංගුවේ සිට නිදහස ලැබූ ශ්‍රී ලාංකික ධීවරයින් 9 දෙනෙකු යලි මෙරටට භාරදීම අද (9) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

එම කර්තව්‍ය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුනු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා රණවිජය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 43 යාත්‍රාව මෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රාණි දුර්ගාවතී’ සහ ‘අබික්’ යන නෞකාවන්ද සහභාගී විය.