අබිං කිලෝග්‍රෑම් 15 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඔ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවික පිරිසක් විසින් පසුගිය (1) දින සිලාවතුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අබිං කිලෝග්‍රෑම් 15.4 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ අබිං තොගය නීතිමය කටයුතු සහ වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි. ‍