හෙරොයින් කිලෝ 101 ක් දකුණු මුහුදේ දී අත්අඩංගුවට (මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද විශාලම තොගයයි)
![](../assets/images/news/event_news/front_img/201604012245.jpg)
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් ඒකාබද්ධව කරන ලද මෙහෙයුමකින් දකුණු මුහුදේ දී මෙරටට ගෙන එමින් සිටි හෙරොයින් කිලෝග්‍රෑම් 101 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
01 Apr 2016
ප්‍රථම වරට එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් “බ්ලු රිජ්” නෞකාවේදී පැවැත්වෙයි
![](../assets/images/news/event_news/front_img/201604011845.jpg)
ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ උසස් නිලධාරීන් අතර මාණ්ඩලික සාකච්ඡාවක් ප්‍රථම වරට “බ්ලු රිජ්” නෞකාවේදී පසුගිය 29 වන දින පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව වෙනුවෙන් 7 වන නෞකා දියත් විධානයේ කපිතාන් වෙස් බැනිස්ටර් මහතා ප්රමුඛ නිලධාරී මඩුල්ලක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මඩුල්ලක් සහභාගී විය.
01 Apr 2016
සාම්පූර් මහා විද්‍යාලය නැවත ලබාදුන් නාවික හමුදාවට ශ්‍රී ලංකා එක්සත් දමිළ ගුරු සංගමයේ ප්‍රශංසාව
![](../assets/images/news/event_news/front_img/201604011115.jpg)
සාම්පූර් නාවික කඳවුරට අයත් භූමි ප්‍රදේශයේ ස්ථාපිතව තිබුණු සාම්පූර් මහා විද්‍යාලය, ප්‍රදේශයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් නැවත ලබාදීම සම්බන්ධව ශ්‍රී ලංකා දමිළ එක්සත් ගුරු සංගමය නාවික හමුදාවට සිය ස්තූතිය පිරිනමා ඇත.
01 Apr 2016