34 වසරක අභිමානවත් සේවය නිමා කරමින් රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් පාලිත වීරසිංහ මහතා 34 වසරක අභිමානවත් නාවික හමුදා සේවය නිමා කරමින් අද (31) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදා සම්මාන ආචාරයකින් එතුමන් වෙත ආචාර දැක්වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ දොරටුව දක්වා පා ගමනින් යමින් සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබිණි.

31 Mar 2016

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 7 දෙනෙකු, කිලෝග්‍රෑම් 40ක බරකින් යුත් මුහුදු කූඩැල්ලන් තොගයක් සමග ඊයේ (30) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.

31 Mar 2016