පුද්ගලයින් සිව් දෙනෙකු සමග ජෙලග්නයිට් කූරු 4ක් හා නීති විරෝධී ලෙස ඇල්ලූ මත්ස්‍ය කිලෝග්‍රෑම් 16ක් නාවික හමුදා අත්අඩංගුවට

මන්නාරම, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, ඩිංගි යාත්‍රාවක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා ජෙලග්නයිට් කූරු 4ක් (එකක් ග්‍රෑම් 100ක් පමණ වන) සමග සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු මන්නාරම දකුණු වෙරළ තීරයේ දී ඊයේ උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2016

ත්‍රිකුණාමළයේ දී ලාංකික ධීවරයින් 17 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ත්‍රිකුණාමළය, නාවික තඨාකාංගනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) උදෑසන ත්‍රිකුණාමළය, "චැපල් අයිලන්ඩ්" මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ධීවර ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 17 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 2ක් අත්අඩංගුවට ගන්නා ලදී.

23 Mar 2016