සඟවා තැබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් අනුව සිලාවතුර, ධීවර වාඩිය ප්‍රදේශයේ සගවා තිබූ කිලෝග්‍රෑම් 187 ක ප්‍රමාණයෙන් යුත් කේරළ ගංජා පාර්සල් 60 ක් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (15) අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සහ ඉදිරි කටයුතු සඳහා මන්නාරම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.