නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය 31 වන දින බත්තලංගුන්ඩුව සහ කිඹුල්බොක්ක යන මුහුදු ප්‍රදේශයන්හිදී නීතිවිරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි ශ්‍රී ලාංකික ධීවරයින් තිස්එක් දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 8 ක් අත්අඩංගුවට ගන්නා ලදී.

01 Feb 2016

නාවික හමුදා පිල ජාතික දැල්පන්දු ශූරතාවය දිනා ගනියි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදාව ලකුණු 53-52 වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරදා ජාතික දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට සමත්විය.

01 Feb 2016