2015 ගාලු කථිකාවට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නියෝජිතයින් නාවික හමුදාධිපති හමුවෙයි

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රණයට සහභාගීවීම සඳහා පැමිණි විදෙස් නාවික හමුදාවන්හි සහ සංවිධානයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී සුහද සාකච්ජාවන් හි නිරත විය.

24 Nov 2015

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සාර්ථක කරගැනීම සඳහා මගපෙන්වීම ලබාදුන් ආරක්ෂක ලේකම්හට නාවික හමුදාධිපතිතුමන් කෘත‍වේදීත්වය පළ කරයි

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සංවිධානය කිරීම සඳහා මග පෙන්වීම හා සහාය ලබාදෙමින් ආරක්ෂක ලේකම්තුමන් දැක්වූ සහයෝගය පිළිබඳව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හමුවී සිය කෘතවේදීත්වය පළ කර සිටියේය.

24 Nov 2015

ගාලු කථිකාව සම්මන්ත්‍රණය සඳහා ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වය පිළිබඳ නාවික හමුදාධිපතිතුමන් ගෞරවනීය ස්තූතිය පල කර සිටියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී, සම්මන්ත්‍රනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවීම පිළිබඳව සිය ස්තූතිය පළ කර සිටියේය.

24 Nov 2015

2015 ගාලු කථිකාව සම්මන්ත්‍රනය ගාලු නගරයේදී පැවැත්වෙයි

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ 2015 ගාලු කථිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ගාල්ල ලයිට්හවුස් හෝටලයේදී මේ වන විට පැවැත්වෙයි.

24 Nov 2015