ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් දහ හතර දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ් දූපතට ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගන්නා ලදී.

19 Nov 2015

නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

කල්පිටිය, ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින්, සේත්තවාඩිය සහ උච්චමුණිය අතර මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ධීවරයින් 26 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 15ක් ඊයේ (18) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

19 Nov 2015