ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු නැවත භාර දීම සඳහා නාවික හමුදාවේ සහාය

ඉන්දීය රජය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 126 දෙනෙකු නිදහස් කිරීම අද (13) දින නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

13 Nov 2015

ඇමරිකා එක්සත් ජනපද සාගරික බලකා ස්ථානගත කිරීමේ බටහිර ආඥාපති නාවික හමුදාධිපති හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද සාගරික බලකා ස්ථානගත කිරීමේ බටහිර ආඥාපති බ්‍රි‍ගේඩීයර් ජෙනරාල් එඩ්වඩ් ඩී බන්ටා මහතා අද (13) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

13 Nov 2015

නාවික හමුදා හෙද පුහුණු පාසල නාවික හමුදාධිපති විසින් විවෘත කරයි

නාවික හමුදාවට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති නාවික හෙද පුහුණු පාසල අද (13) දින වැලිසර නාවික රෝහල් සංකීර්ණයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කෙරිණි.

13 Nov 2015

මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නාවිකයකු වශයෙන් රාජකාරී කළ ප්‍රධාන සුළු නිලධාරී කේඑස්ටී පෙ‍රේරා, පිලිකාවක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ බිරිඳ වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.

13 Nov 2015

5 වසර ශිෂ්‍යත්ව විභාගය උසස් ‍ලෙස සමත් වූ සිසුන් නාවික හමුදාවේ ඇගයීමට

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරමින් තම අධිෂ්ඨානය හා කැපවීම මත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 163 ක් ලබා ගනිමින් උසස් ලෙස සමත්වූ සහ ලකුණු 70 ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ලද කල්පිටිය, මොහොත්තුවාරම ප්‍රාථමික පාසලේ සිදු දරු දැරියන් 7 දෙනෙකු නාවික හමුදාවේ ඇගයීමට ලක් කෙරිණි.

13 Nov 2015