බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් නාවික හමුදාධිපති හමුවෙයි

බලහත්කාරයෙන් හෝ අකමැත්තෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ උප සභාපති බර්නාඩ් දුහාමි මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද (10) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

10 Nov 2015

සිය 50 වන සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් ජපාන නාවික නෞකා ද්විත්වයක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
 

සෝමාලියානු මුහුදු සීමාවේ සහ ඒඩ්න් කළාපයේ මුහුදු කොල්ලකෑම් නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ ජපන් නාවික හමුදාවට අයත් “මකිනාමි (ඩීඩී - 112)” සහ “සුසුනාමි (ඩී - 114)” යන නෞකාවන් දෙක අද දින (10) දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා කොළඹ වරායට සේන්දු විය.

10 Nov 2015

සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක් නාවික හමුදාව විසින් සොයාගැනේ
 

ලද තොරතුරකට අනුව සිලාවතුර සවාරියපුරම් ප්‍රදේශයේ කැලයක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්රෑම් 120 ක ප්‍රමාණයක් වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් විසින් නොවැම්බර් මස 9 වන දින සොයා ගන්නා ලදී.

10 Nov 2015