මියගිය නාවිකයා වෙනුවෙන් නාවික හමුදාවෙන් රුපියල් මිලියනයක රක්ෂණ වන්දියක්

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ යාත්‍රික අංශ නාවිකයකු වශයෙන් රාජකාරී කළ බලනැවි වයිබී ධර්මසේන, හදිසි රිය අනතුරක් හේතුවෙන් මියගිය අතර, එම නාවිකයා වෙනුවෙන් ˝නැවිරු සවිය˝ නාවික සුවසහන රක්ෂණ අරමුදල මගින් ඔහුගේ පියා වෙත රුපියල් මිලියනයක් ලබාදීම සිදු කෙරිණි.  

අංක 343, ගලපිටිය ඔය වම, පදියතලාව යන ලිපිනයේ පිහිටි ඔහුගේ නිවසේ දී ඊයේ (15) ඊට අදාල ප්‍රේශණපත ලබාදීම සිදු කෙරුණු අතර, ඒ සඳහා සහභාගී වු නාවික හමුදා නිලධාරීන්, සමස්ථ නාවික හමුදාව වෙනුවෙන් මියගිය නාවිකයා හට අවසන් ගෞරව දැක්වීය.

පොදු නොවන අරමුදලක් යටතේ නාවික පුද්ගලයින් ගේ රක්ෂණාවරණයක් ලෙසින් පවත්වාගෙන යනු ලබන නාවික හමුදා ˝නැවිරු සවිය˝ සුවසහන රක්ෂණ අරමුදල, නාවික හමුදාධිපතිතුමන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලබයි. අරමුදලේ සාමාජිකයෙකුගේ හෝ ඔවුන්ගේ ළඟම ඥාතීයෙකුගේ මරණයකදී, බරපතල රෝගාබාධයකදී, සදාකාලික හෝ අර්ධ දුබලතාවයකදී, සාමාන්‍ය රෝග තත්වයන් වලදී, ශල්‍ය කර්මයකදී මෙන්ම වෛද්‍ය පරීක්ෂණයන් හිදී මෙමගින් ඔවුන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සිදු‍වේ.