නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ත්‍රිකුණාමලය එලිසබෙත් දූපතට නිරිත දෙසින් වූ මුහුදු සීමාවේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ නීතිවිරෝධී දැල් දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමට ඊයේ (26) නාවික හමුදාව සමත් විය.

27 Sep 2015

උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි නාවික හමුදාධිපතිතුමන් සිදුකළ පරීක්ෂණ චාරිකාවාරය

උතුරු මැද සහ වයඹ නාවික විධානයන්හි මෙහෙයුම් සූදානම හා පරිපාලන කටයුතු පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සැප්තැම්බර් මස 26 සහ 27 යන දිනයන්හි චාරිකාවාරයක නිරතවිය.

27 Sep 2015

විපතට පත් ඉන්දීය ධීවරයන් නාවික හමුදාව විසින් බේරා ගනී

සැප්තැම්බර් මස 26 වන දින තලෙයිමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල දියේ ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක්, මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක් විසින් නිරීක්ෂණය කරන ලදී.

27 Sep 2015