කල්පිටියේ නිවසක සිදුවූ ගින්න මැඩපැවැත්වීමට නාවික හමුදා සහාය

කල්පිටිය කුරක්කන්හේන ප්‍රදේශයේ නිවසක 11 වන දින අළුයම සිදුවූ ගින්න මැඩපැවැත්වීමට කල්පිටිය නාවික හමුදා කඳවුරේ ගිණි නිවීමේ ඒකකයට හැකි විය.

12 Aug 2015

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ තෙවන ගුණානුස්මරණ දේශනය සංවිධානය කරයි

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ ගුණානුස්මරණ දේශනය තෙවන වරටත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා ත්‍රිවිධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික නිලධාරීන් විශාල පිරිසකගේ මෙන්ම ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් රත්මලාන, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල ශ්‍රවනාගාරයේදී අද (11) සවස පැවැත්විණි.

12 Aug 2015