“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ඔක්තෝබර් මස 19 වන දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේදී 2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ අනතුරට ලක්වූ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිට අතුරුදන්වූ ධීවරයාගේ මෘත දේහය සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කණ්ඩායම් අද (2021 ඔක්තෝබර් 20) පෙරවරුවේ සමත් විය.

20 Oct 2021

රුපියල් මිලියන 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ඔක්තෝබර් මස 19 වන දින උදෑසන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2272කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Oct 2021

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්

2021 ඔක්තෝබර් 18 වන දින සවස් කාලයේ කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු (02) මුදවා ගැනීමට, නාවික හමුදාව විසින් පෙරදින සවස් කාලයේ සමත් වූ අතර, එම අනතුර හේතුවෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික හමුදාව විසින් සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටී.

19 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1220 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, තේවම්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ, මුලන්කාවිල්, නච්චිකුඩා වෙරළ තීරයේ සහ මන්නාරම, පල්ලේමුනේයි ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 17 සහ 18 වන දිනයන්හී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝ 1220 ග්‍රෑම් 700ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01) , ත්‍රි රෝද රථයක් (01) සහ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

18 Oct 2021

බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කළ මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය මොහොත්තුවාරම් වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 15 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් ප්‍රවාහනය කරමින් තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 1196 ග්‍රෑම් 800 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

17 Oct 2021

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පේදුරුතුඩුව සහ වෙත්තලකෙණි ප්‍රදේශයට නැගෙනහිරින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ධීවරයින් 23ක් 2021 ඔක්තෝබර් 13 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 2925කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දිනයන්හිදී මන්නාරම, මන්දගල්ආරු හා නාරාපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සහ මණ්ඩතිවු පල්ලෙකුඩා වෙරළ තීරයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2925 කට අධික තොගයක් සහ එනසාල් කිලෝග්‍රෑම් 11කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

13 Oct 2021

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදා දායකත්වය

පසුගිය දින කිහිපය තුළ ඇඳහැලුණු අධික වර්ශාව හේතුවෙන් ගිංතොට ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින ගිං ග‍ඟ හරහා වක්වැල්ල ප්‍රදේශයේ ඉදි කර ඇති පටු පාලමෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙ‍හෙයුමක් නාවික හමුදාව විසින් 2021 ඔක්තෝබර් මස 11 සහ 12 යන දෙදින තුළ ක්‍රියාත්මක කෙරිණි.

12 Oct 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1477ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් කල්පිටිය, කන්දක්කුලිය ප්‍රදේශයට ඔබ්බෙන්වූ මුහුදේ සහ කොන්ඩච්චිකුඩා, නවදණ්ඩවත්ත වෙරළ ප්‍රදේශයේ 2021 ඔක්තෝබර් මස 09 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1477ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

10 Oct 2021