රුපියල් මිලියන 125 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය මාදගල් සිට පේදුරුතුඩුව දක්වා වූ මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 27 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 417යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

28 Jul 2021

රුපියල් මිලියන 65 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03ක්‌ උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 25 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jul 2021

රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2021 ජූලි 22 දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

23 Jul 2021

රුපියල් මිලියන 41 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 19 දින අළුයම් කාලයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 139යි ග්‍රෑම් 100ක පමණ තොගයක් ජාවාරම් කරුවන් විසින් නාවික මෙහෙයුම් හමුවේ ගොඩබිමට ගෙන ඒමට නොහැකිව මුහුදට දමා තිබියදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Jul 2021

නාවික සැතපුම් 610 ක් දුර ගැඹුරු මුහුදේ අනතුරට පත් ධීවරයෙකු ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට (Great Basses) නාවික සැතපුම් 610 ක් පමණ (කිලෝ මීටර් 1129 ක් පමණ) දුර ගැඹුරු මුහුදේදී සිදු වූ හදිසි අනතුරක් හේතුවෙන් තුවාල ලබා අසාධ්‍යව සිටි, මෙරට බහුදින යාත්‍රාවක ධීවරයෙකු ශ්‍රි ලංකා නාවික නෞකා ‘සයුරල’ නෞකාව මගින් හම්බන්තොට වරාය වෙත රැගෙනවිත් ප්‍රතිකාර සඳහා කඩිනමින් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට, නාවික හමුදාව අද (2021 ජූලි 18) කටයුතු කෙරිණි.

18 Jul 2021

රුපියල් මිලියන 31කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 15 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 103යි ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

16 Jul 2021

ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ කහ කිලෝ 2360ක් වංකාලේ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 ජූලි මස 11 වන දින මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2360 පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2021

රුපියල් මිලියන 103 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවන් 03ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය අනලතිවු දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 ජූලි 12) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 344යි ග්‍රෑම් 550ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

12 Jul 2021

නාවික හමුදාව මඟින් ගාල්ල, අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කෙරේ.

බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය සහ දොඩන්ගොඩ යන පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 ජූලි මස 10 වන දින ක්‍රියාත්මක කෙරිණි.

11 Jul 2021

ගංවතුර අවදානමට පෙර නාවික හමුදා සහන කණ්ඩායම් ස්ථානගත කෙරේ

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ඇති විය හැකි ගං වතුර අවධානම හමුවේ ජනතාවට සහන සැළසීම සඳහා කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක් වෙත නාවික හමුදා සහන කණ්ඩායම් 08ක් යොමු කිරීමට අද (2021 ජූලි 10) නාවික හමුදාව කටයුතු කරන ලදී.

10 Jul 2021