MT New Diamond නෞකාවේ වර්ථමාන තත්වය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාව

MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න සාර්ථක‍ ලෙස සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආපදා කළමණාකරණ කණ්ඩායම් අද දින (2020 සැප්තැම්බර් 09) සමත් විය. ඒ අනුව නෞකාව අයත් සමාගම විසින් මෙම ආපදාව මර්ධනය කිරීම සඳහා නම් කරන ලද ආයතනයේ විශේෂඥයින් තිදෙනෙකු (03) නෞකාව වෙත ආපදා තත්වයෙන් පසු ප්‍රථම වරට ගොඩවූ අතර, ඔවුන් විසින් මූලික පරීක්‍ෂණ කටයුතු සිදු කර නෞකාවෙන් පිටව යන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක්ද ‍ආපදාවට පත් නෞකාවට ඇතුළු වී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීමට නියමිතව ඇති අතර, ඒ අනුව නෞකාවේ වර්ථමාන අලාභහානිය සහ ආරක්‍ෂිත තත්වය පිළිබඳව ඉදිරියේදී ඔවුන් විසින් දැනුම් දීමට නියමිතව ඇත.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ වර්ධනය වූ ගින්න ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් මෙහෙයුම් මගින් සාර්ථකව පාලනය කෙරේ

අයහපත් කාලගුණය මත 2020 සැප්තැම්බර් මස 07 වන දින නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (2020 සැප්තැම්බර් 09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. එමෙන්ම මේ වන විට නෞකාවෙන් ගිනිදැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්‍ෂණය නොවන අතර, ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම සිදු කරමින් පවතී. ඒ අනුව ආපදාවට පත් නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37ක් වූ ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර, එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වාභාවය සහ දැඩි සුළං ප්‍රවාහයද හමුවේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

09 Sep 2020

මාධ්‍ය නිවේදනය


අයහපත් කාලගුණයෙන් “New Diamond” නෞකාවේ නැවත වර්ධනය වූ ගින්න පාලනය කිරීම සඳහා ඒකාබද්ධ ආපදා කළමණාකරන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුමක

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට සාර්ථක මට්ටමකට පාලනය කිරීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වී ඇති අතර, දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදා ගනිමින් තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

08 Sep 2020

නාවික හමුදා මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 12 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 06ක් නීතියේ රැහැනට

නාවික හමුදාව පුත්තලම කුරින්නම්වෙට්ටේ ප්‍රදේශයේ, ත්‍රිකුණාමලය බස්නැවතුම්පල අසල ප්‍රදේශයේ සහ සීදුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12කට අධික තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

08 Sep 2020

නාවික හමුදා විශේෂ මෙහෙයුම් මගින් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනේ

නාවික හමුදාව විසින් පසුගිය දිනයන්හි සිදු කල විශේෂ මෙහෙයුම් මගින් මුලතිවු උදයාර්කට්ටු ප්‍රදේශයේ සහ මහවැලි ග‍ඟෙහි කටුගස්තොට කහල්ල ප්‍රදේශයේ වැලි කැණීම් සිදු කරනු ලබන ස්ථානයක තිබී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

08 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1800 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

අයහපත් කාලගුණය මත නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන්ට අයත් නෞකා, ගුවන් යානා සහ ටග් යාත්‍රා තවදුරටත් ආපදා කළමණාකරන මෙහෙයුමේ අඛණ්ඩව නිරතව සිටී. ඒ අනුව එම ගින්නේ තත්වය යම් මට්ටමකට පාලනය කිරීමට මේ වන විට හැකි වී ඇත.

08 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1630 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින 1500 පැය පමණ වන විට පාලනය කර ගැනීමට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වීමෙන් පසු නෞකාවේ අභ්‍යන්තරයේ පවතින උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුවෙන් පාලනය කරන ලද ගින්න නැවත ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් ආපදා කළමණාකරන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලදි.

07 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 07 වන දින 1230 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටී.

07 Sep 2020

මාධ්‍ය නිවේදනය


2020 සැප්තැම්බර් 06 වන දින 1830 පැයට “New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ” යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පෙර දින (2020 සැප්තැම්බර් 06) සවස 1500 පැය වන විට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් විය. කෙසේ වෙතත් නෞකාවේ අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය හා පාරිසරික සාධක හේතුකොටගෙන නැවතත් ගින්න ඇතිවීමේ සම්භාවිතාවයක් පවතින හෙයින් ආපදා කළමණාකරනය සඳහා යොමු කරන ලද නෞකා සහ යාත්‍රා යොදා ගනිමින් තවදුරටත් ගිනි ගැනීමට ලක්වූ නෞකාව ජලය යොදා ගනිමින් සිසිලනය කිරීම සිදු කරනු ලබයි.

07 Sep 2020

මාධ්‍ය නිවේදනය


New Diamond බොරතෙල් නෞකාවේ ඇති වී තිබූ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය. ඒ වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරකින් යාත්‍රාකරමින් තිබූ අතර, එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරුමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණි.

06 Sep 2020