රුපියල් මිලියන 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 ඔක්තෝබර් මස 19 වන දින උදෑසන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වූ වෙරළ තීරයන් ආවරණය වන පරිදි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ගජබා ආයතනය මඟින් 2021 ඔක්තෝබර් මස 19 වන දින උදෑසන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී ජාවාරම්කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් රැගෙන යාමට නොහැකිව ප්‍රදේශයේ ළදු කැළෑවක සඟවා තිබූ පාර්සල් 08ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 17 ග්‍රෑම් 700ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකිවිය.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 05කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ අධීක්‍ෂණය යටතේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදී.