රුපියල් මිලියන 2321කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ 2021 අගෝස්තු මස 30 වන දින දහවල් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එම හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් අද (2021 අගොස්තු 31) අළුයම ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

31 Aug 2021

රුපියල් මිලියන 55කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව මන්නාරම, මුරුංගන් පන්නිවෙට්ටුවාන් හංදිය අසල මාර්ග බාධකයකයක් යොදා 2021 අගෝස්තු 28 වන දින සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 183 ග්‍රෑම් 715ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

29 Aug 2021

නීති විරෝධි ලෙස රැගෙන ආ තවත් වියලි කහ කිලෝ 1500 කට අධික තොගයක් සමග සැකකරුන් 05ක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් සිලාවතුර පිච්චවානිකුලම් ප්‍රදේශයේ සහ කල්පිටිය ඉප්පන්තිව් දුපතේ අද අළුයම (2021 අගෝස්තු 27) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන විත් සඟවා තිබූ වියලි කහ කිලෝ 1599ක පමණ තොගයක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) සහ කැබ් රථයක් නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

27 Aug 2021

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 9100 කට අධික තොගයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2021 අගෝස්තු 25 වන දින සිදුකළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගඩබා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9170ක පමණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

27 Aug 2021

රුපියල් මිලියන 41කට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 02ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 26) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Aug 2021

දින 03ක් තුළ සිදුකළ නාවික මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 22, 23 සහ 24 යන තෙදින (03) තුළ පමණක් මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1377කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

25 Aug 2021

රුපියල් මිලියනයකට අධික විථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය කුච්චවේලී ජයානගර් ප්‍රදේශයේ අද (2021 අගෝස්තු 21) දහවල් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 3 ග්‍රෑම් 548ක පමණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2021

ජාවාරම් කරුවන් විසින් රැගෙන ආ වියලි කහ කිලෝ 235කට අධික ප්‍රමාණයක් ඕළුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 21 වන දින මන්නාරම, ඕළුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 235කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

21 Aug 2021

රුපියල් මිලියන 50 කට අධික වටිනාකමකින් යුත් තවත් කේරළ ගංජා තොගයක් සහ කහ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2021 අගෝස්තු 19 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 168 ග්‍රෑම් 750ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Aug 2021

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ තොගයක් සමග සැකකරුවෙක් නීතීයේ රැහැනට

නාවික හමුදාව විසින් කල්පිටිය කළපුව තුළ පිහිටි කිලිතිව් දූපතේ 2021 අගෝස්තු 17 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ 370 පමණ තොගයක් සමඟ සැකකරුවෙකු නීතීයේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

17 Aug 2021