මන්නාරම මාන්තේ වෙරළ තීරයට ආසන්න ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 67කට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 29 වන දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කිලෝ 67 ග්‍රෑම් 500 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

30 Jan 2021

මාන්තේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 31ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ 2021 ජනවාරි මස 26 වන දින සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 31 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

27 Jan 2021

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ සහ ග්ලයිෆොසේට් තොගයක් වයඹ වෙරළ තීරයේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව කල්පිටිය දළුව වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 1340 ක පමණ තොගයක් සහ ග්ලයිෆොසේට් කිලෝග්‍රෑම් 80ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2021 ජනවාරි 26) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

26 Jan 2021

“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශිර්ෂය යටතේ 2021 ජනවාරි 24 පල කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව 2021 ජනවාරි මස 24 වන දින එම මුහුදු ප්‍රදේශයේ පවත්නා වඩදිය තත්වය හමුවේ ඇති වූ දිය වැල් ‍වල බලපෑමෙන් නෞකාව සිරවී තිබූ ගල් පරයෙන් ඉවත් වීමෙන් අනතුරුව, කුඩා රාවණා පරයේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 05ක් පමණ දුර මුහුදේ ආරක්‍ෂිතව නැංගුරම්ලෑමට කටයුතු කරන ලදී.

25 Jan 2021

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී නාවික හමුදා භාරයට ගෙන නිරෝධායනය සඳහා යොමුකළ ඉන්දීය ජාතිකයෙකු කොවිඩ් 19 ආසාධිතයෙකු බවට හඳුනා ගැනේ

2021 ජනවාරි මස 09 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ජාතිකයින් 09ක් සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමෙන් අනතුරුව, එම ඉන්දීය ජාතිකයින් 09 දෙනා දින 14ක කාලසීමාවක් නිරෝධායනය සඳහා යොමු කෙරිණි.

25 Jan 2021

“ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි 23 පල කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් 2021 ජනවාරි 23 වන දින කුඩා රාවණා පරයේ සිරවී අනතුරට පත්ව තිබූ MV Eurosun නැමති නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සමගින් ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප ‍නෞකාව ලඟාවූ අතර, මූලික විමර්ශණ ආරම්භ කරන ලදි.

24 Jan 2021

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5ක් (කිලෝමීටර 10ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්ව ඇත.

23 Jan 2021

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 21 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

2021 ජනවාරි 18 වන දින ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සිදුවූ අනතුරක් හේතුවෙන් ගිලීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකුගේ (04) මෘත දේහයන් ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (2021 ජනවාරි 23) 1000 පැයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, අන්තර් ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරිණි.

23 Jan 2021

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 20 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

මෙම අනතුර හේතුවෙන් අතුරුදන්වූ තවත් ධීවරයින් දෙදෙනෙකුගේ මෘත දේහයන් සොයා ගැනීමට සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් අද (2021 ජනවාරි 21) පෙරවරුවේ සමත් විය.

21 Jan 2021

“නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයන් සොයා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්” යන ශීර්ෂය යටතේ 2021 ජනවාරි මස 19 දින නිකුත් කල පුවත හා සබැ‍ඳේ

අනතුර හේතුවෙන් අතුරුදන්වු ධීවරයින් සොයා සිදුකරන සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේ නිරත නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ ගිලී ඇති ඉන්දියානු ධීවර යාත්‍රාව තුල තිබී ධීවරයින්ගේ මළ සිරුරු දෙකක් (02) සොයා ගැනීමට අද (2021 ජනවාරි 20) දහවල් සමත් විය.

20 Jan 2021