ධිවර දැලක සිරවී සිටී කැස්බෑවන් 08 ක් නාවික හමුදාව බේරා ගැනේ

නාවික හමුදාව විසින් මන්නාරම දකුණු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී ධීවර දැලක සිරවී සිටි කැස්බෑවන් අටදෙනෙකු (08) නිදහස් කර මුදාහැරීමට 2020 නොවැම්බර් 28 වන දින කටයුතු කරන ලදී.

උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම දකුණ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, ධීවරයන් විසින් එලන ලද දැලක කැස්බෑවන් සිරවී සිටීන බව නිරීක්ෂණය කරන ලදී. පසුව ධීවරයන්ගේද සහය ඇතිව එම ධීවර දැලෙහි සිරවී සිටී කැස්බෑවන් අට දෙනෙකු (08) ආරක්ෂිතව මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.

තවද වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති මෙම කැස්බෑවන් රැකගනිමින් සාගරික පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර දායකත්වය ලබා දෙයි.