නීති විරෝධී ලෙස සඟවා තබන ලද වියලි කහ කිලෝ 1067 ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් පුත්තලම ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස සඟවා තබන ලද වියලි කහ කිලෝ 1067 ක් සමඟ සැකකරුවෙක් 2020 නොවැම්බර් මස 25 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

වයඹ නාවික විධානය මගින් නොවැම්බර් මස 25 වන දින පුත්තලම මන්නාරම මාර්ගයේ දෙවන සැතපුම් කනුව අසල ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ලුණු ඇසුරුම් හලක් තුළ සූක්‍ෂම ලෙස සඟවන ලද උර 25 ක අසුරා තිබූ වියළි කහ තොගයක් සොයාගන්නා ලද අතර, කිලෝග්‍රෑම් 1067ක බරකින් යුත් වියළි කහ තොගය සමග පුත්තලම, මන්නාරම මාර්ගයේ රහුමාන් නගර් ප්‍රදේශයේ පදිංචි සැකකරුවකුද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් වයස 37 ක් වන සැකකරු සහ නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත බාරදීමට කටයුතු කෙරිණි.