මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 710ක් සහ කේරළ ගංඡා කිලෝ 3 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව හා පොලීසිය එක්ව මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 710 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.7 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු 2020 නොවැම්බර් 20 නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරුමැද නාවික විධානය මන්නාරම පොලිසිය සමඟ එක්ව සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී මන්නාරම එරුක්කලම්පිඩ්ඩි වෙරළ තීරය වෙත පැමිණි සැක සහිත වලලම් යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම යාත්‍රාව තුළ උර 10 ක අසුරා තිබූ තෙත බරද සහිත කිලෝග්‍රෑම් 710කට අධික බරකින් යුත් කහ තොගයක් සහ එක් පාර්සලයක් තුල අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.7කට අධික ප්‍රමාණයක් සමඟ එම යාත්‍රාවේ සිටි සැක කරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම මෙහෙයුමේදී නාවික හමුදා භාරයට ගත් සැකරුවන් වයස 35 ක් වන මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, වියලි කහ තොගය, කේරළ ගංජා තොගය සහ වල්ලම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.