නීති විරෝධී ගිණි අවියක් සහ උණ්ඩ සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 සැප්තැම්බර් 23 වන දින මන්නාරම ප්‍රධාන මාර්ගයේ පුත්තලම 04 කණුව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ගිණි අවියක්, ඊට යොදා ගන්නා උණ්ඩ සහ තවත් නීති විරෝධී භාණ්ඩ කිහිපයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

වයඹ නාවික විධානය මගින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව මන්නාරම ප්‍රධාන මාර්ගයේ පුත්තලම 04 කණුව ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ප්‍රදේශයේ සැක සහිත ස්ථානයක් පරීක්‍ෂාවට ලක් කර එහි තිබී බෝර 12 වර්ගයේ ගිණි අවියක්, ඊට යොදා ගන්නා උණ්ඩ 03ක් හා හිස් උණ්ඩ 133ක්, යකඩ බෝල ග්‍රෑම් 370ක ප්‍රමාණයක්, කඩුවක් සහ කිනිස්සක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හදුනාගත් අතර, අදාල සැකකරු සහ අත් අඩංගුවට ගන්නා ලද ගිණි අවිය ඇතුළු අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.