පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 සැප්තැම්බර් 16 වන දින සාම්පූර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ වෝටර්ජෙල් නැමැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු කූරු කිහිපයක් සොයා ගැනීමට සමත්විය.

නැගෙනහිර නාවික විධානය ශර්ධාපුර පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව සාම්පූර් ප්‍රදේශයේ සිදු කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වෝටර් ජෙල් කූරු 17 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 22ක් සහ 31ක් වන සාම්පූර් සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, පුපුරණ ද්‍රව්‍ය සහ අදාල සැකකරුවන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම සඳහා සාම්පූර් පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.