ජාඇල ප්‍රදේශයේ යකඩ එක්රැස් කර උණු කරනු ලබන ස්ථානයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

ජාඇල පමුණුගම ප්‍රදේශයේ යකඩ එක්රැස් කර උණු කරනු ලබන ස්ථානයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා ගිණිනිවීමේ ඒකකය අද (2020 අගෝස්තු 31) කටයුතු කරන ලදි.

පමුණුගම පොලිසිය වෙතින් සිදු කල දැනුම්දීමකට අනුව නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් ගිනි නීවීමේ රථයක් සහ ජල බවුසරයක් සමගින් කඩිනමින් ගින්න ඇතිවී තිබූ ජාඇල පමුණුගම ප්‍රදේශය වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, අදාල ගිණි නිවීමේ කණ්ඩායම විසින් මහත් පරිශ්‍රමයක් යොදා ඇතිවී තිබූ ගින්න තවදුරටත් පැතිරීම වළක්වා සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදි.

තවද ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී අවශ්‍ය සහන සැළසීම සඳහා නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.