නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සහ දේශීය ගිනිඅවි අත්අඩංගුවට

නාවික හමුදාව පසුගිය සතිය තුල ස්ථාන දෙකක සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන පුපුරණ ද්‍රව්‍ය සහ බලපත් රහිතව ළඟ තබාගෙන සිටි ගිණි අවි 03ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

උතරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් දූපතේ වෙල්ලෙයි වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගන්නා (විදුලි නොවන) ඩෙටනේටර් 12ක් නාවික භාරයට ගත් අතර, දකුණු නාවික විධානය විසින් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ සිදු කල තවත් මෙහෙයුමකදී බලපත් රහිත බෝර 12 ගිනි අවියක් හා එම උණ්ඩ 05ක් , බෝර 16 ගිනි අවි දෙකක් (02) සහ එම උණ්ඩ 08ක් සමඟ සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් පුපරණ ද්‍රව්‍ය ඩෙල්ෆ්ට් පොලීසිය වෙතත්, අත් අඩංගුවට ගත් ගිනි අවි හා උණ්ඩ සහ සැකකරු හම්බන්තොට පොලිසිය වෙතත් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා භාරදීමට කටයුතු කෙරිණි.