නැගෙනහිර මුහුදේ නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 15 ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නිරන්තර සොදිසි මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව, 2020 ජූලි මස 25 සහ 28 යන දිනයන්හි ත්‍රිකුණාමලය, කින්නියා, මුලතිවු සහ නිලාවේලි මුහුදු ප්‍රදේශයන් තුල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් මගින් නීනි විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 15 දෙනෙකු සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

ඒ අනුව නැගෙනහිර නාවික විධානය විසින් ත්‍රිකුණාමලය, කින්නියා, මුලතිවු සහ නිලාවේලි මුහුදු ප්‍රද්ශයන් තුල සිදු කල මෙම සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර දැල් 04ක්, ඩිංගි යාත්‍රා 04ක් ධීවර ආම්පන්න සහ සැකකරුවන් 15ක් නාවික හමුදා භාරයට ගන්නා ලදි. මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් සහ භාණ්ඩ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා, මුලතිවූ සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත, කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙත සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නැගෙනහිර ප්‍රාදේශීය අධ්‍යක්‍ෂක හරහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ වෙතද භාරදීමට කටයුතු කරන ලදි.