කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව 2020 ජූලි 22 වන දින කුඩාවැල්ල ධීවර වරායේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව තහනම් මත්ද්‍රව්‍ය රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක තවත් එක් මෙහෙයුමක් 2020 ජුලි මස 22 වන දින දකුණු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ පට්ටිපොල විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් හා එක්ව කුඩාවැල්ල ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී සැක සහිත පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සහ කුඩා තරාදියක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව අදාල පුද්ගලයා, කේරළ ගංජා සහ අදාල තරාදිය අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 29ක් වන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද එම සැකකරු, කේරළ ගංජා සහ කුඩා තරාදිය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා තංගල්ල පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.