නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙක් (01) සහ නීති විරෝධී දැල් 04ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, අලියා තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයෙක් (01) සහ මඩකලපුව කළපු ප්‍රදේශයේ එලා තීබූ නීති විරෝධී දැල් කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් ආරක්‍ෂක මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව 2020 ජුලි 17 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය, අලියා තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුර පුපරණ ද්‍රව්‍ය යොදා මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලද අතර, එහිදී ඩිංගි යාත්‍රාවක්, සේවා නූල් 03 ක්, විදුලි නොවන ඩෙටනේටර් 09ක්, ටෝටර්ජෙල් කූරු ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණයක් සහ අනෙකුත් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එසේම, 2020 ජුලි 18 වන දින මඩකලපුව කළපු ප්‍රදේශයේ සිදු කළ තවත් මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා එලා තිබූ නීති විරෝධී දැල් 04 ක් ද නාවික හමුදා භාරයට ගන්නා ලදි.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 36ක් වන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, අදාල පුද්ගලයා, ඩිංගි යාත්‍රාව, සේවා නූල් 03, විදුලි නොවන ඩෙටනේටර් 09, ටෝටර්ජෙල් කූරු ග්‍රෑම් 100 ක පමණ ප්‍රමාණය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි තවද, නීති විරෝධි දැල් 04 මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.