කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනට නාවික හමුදාව එක්වේ

කොවිඩ් 19 ව්‍යාප්තියේ අවධානම මැඩපැවැත්වීම සඳහා රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට සහය වෙමින් නාවික හමුදාව අද (2021 මැයි 11) ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකදී (02) කොව්ඩ් 19 අවධානම හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයන රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් වෙත “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව සිදු කෙරිණි.

11 May 2021

කොවිඩ් 19 අවධානම හමුවේ සෞඛ්‍ය අංශයේ පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා සහය

පවතින කොවිඩ් 19 අවධානම් තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවලට සහය වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදා දායකත්වයෙන් බස්නාහිර සහ දකුණු පළාතේ කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කෙරේ.

10 May 2021

කොළඹ වරාය දොරටුවේ වැටී තිබූ මුදල් පසුම්බිය නැවත හිමිකරු වෙත භාරදුන් නාවිකයා නාවික හමුදාධිපති විසින් ඇගයේ

පසුගිය 2021 අප්‍රේල් මස 27 වන දින කොළඹ වරායට ඇතුළු වන අංක 03 පිවිසුම් දොරටුව ඉදිරිපිට මාර්ගයේ වැටී තිබූ මුදල් පසුම්බියක් සහ එය තුල තිබූ මුදල් නැවත හිමිකරු වෙත භාරදුන් නායක නැවි ඒජීඑච්එස් උදය කුමාර, එක්ස්එස් 100126 දරණ නාවිකයා විසින් සිදු කළ එම සත් ක්‍රියාව අගයමින් ඔහු වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්‍රශංසාත්මක ලිපියක් ප්‍රධානය කිරීම අද (2021 මැයි 10) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

10 May 2021

බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට සහය වෙමින් ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුල ඇඳන් 162කින් සමන්විත කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 04 වන දින ස්ථාපනය කෙරිණි.

05 May 2021

නාවික හමුදාව මඟින් කොවිඩ් 19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ ප්‍රදේශයේ ස්ථාපනය කෙරේ

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ වැඩපිලිවෙලට ශක්තියක් වෙමින් ගම්පහ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි මස 02 වන දින ආරම්භ කෙරිණි.

04 May 2021

රියර් අද්මිරාල් සජිත් ගමගේ නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

රියර් අද්මිරාල් සජිත් ගමගේ 2021 අප්‍රේල් මස 30 වන දින ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ නාවික දියත් විධාන කාර්යාල‍යේදී නාවික දියත් විධානයේ නව ධජ නිලධාරී වශයෙන් වැඩ භාර ගන්නා ලදී.

01 May 2021