ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති තුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එම්ඩී ෂෆියුල් බාරි අද (2021 ජනවාරි 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

13 Jan 2021

නාවික හමුදාධිපතිතුමන් ගිනිකොන නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වේ.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2021 ජනවාරි 09 සහ 10 දෙදින ගිනිකොන නාවික විධානයේ නිරීක්‍ෂණ චාරිකාවාරයක නිරත වූ අතර, එතුමන් නාවික හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව ගිනිකොන නාවික විධානයේ සිදු කළ මෙම පළමු නිල සංචාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණිය ද එක්විය.

11 Jan 2021

නාවික හමුදාධිපතිතුමන්ගේ වසර 36 ක නාවික හමුදා දිවියට ආශීර්වාද පතා ආගමික වැඩසටහනක්

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ නාවික හමුදා දිවියට වසර 36ක් සපිරීම නිමිත්තෙන් ආශීර්වාද පතා සංවිධානය කරනු ලැබූ ආගමික වැඩසටහනක් 2021 ජනවාරි 06 සහ අද (2021 ජනවාරි 07) දෙදින මහනුවර ශ්‍රී දළදා සමිදුන් අභියසදී සහ කොළඹ, හුණුපිටිය ගංඟාරාමයේදී පැවැත්විනි.

07 Jan 2021

නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කෙරේ

නාවික හමුදා දායකත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ ඉදිකළ ලතා මණ්ඩප පරිශ්‍රය සහ නෙලුම් පොකුණ විවෘත කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජනවාරි 06 වන දින පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේදී සිදු කෙරිණි.

07 Jan 2021

' මෙන් ඉන් වයිට්ස් ' (Men in whites) සංවිධානය වෙතින් නාවික හමුදා ආබාධිත රණවිරුවන් සදහා පරිත්‍යාගයක්

නාවික හමුදාවේ සේවය කළ විශ්‍රාමික නිලධාරීන්ගෙන් සැදුම්ලත් ‘මෙන් ඉන් වයිට්ස්’ (Men in whites) සංවිධානය මගින්, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය මගින් නිපදවූ රෙදි උපයෝගී කර ගනිමින් මසා නිම කළ ටී ෂර්ට්ස් ආබාධිත නාවික හමුදා රණවිරුවන් වෙත ප්‍රදානය කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත සංකේතාත්මකව භාර දීම එම සංවිධානයේ කොමාණ්ඩර් (විශ්‍රාමික) හිරාන් සොයිසා සහ ලුතිනන් (විශ්‍රාමික) අයේෂ් ඉන්ද්‍රනාත් රණවක යන නිලධාරීන් විසින් 2020 දෙසැම්බර් 31 වන දින නාවික හමුදා මූලස්තානයේදී සිදු කෙ‍රිණි.

06 Jan 2021

නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ තවත් ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

මාරාන්තික වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙක් ලෙස සමාජ සත්කාර්යයක නිරත වන ශ්‍රී ලංකා නාවික හමුදාව, එහි තවත් එක් පියවරක් ලෙස ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් 2021 ජනවාරි මස 03 වන දින වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමා විසින් අම්බලන්තොට, සියඹලාකොටේ දී ජනතා අයිතියට පත් කෙරිණි.

04 Jan 2021

ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරිය සහ ජනපති මැදුරේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් 2020 දෙසැම්බර් 31 වන දින සහ අද (2021 ජනවාරි 01) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම කොළඹ ගාලු මුවදොරදී සහ ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී සිදු කෙරිණි.

01 Jan 2021

රජයේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ලඟා කර ගැනීම සඳහා කැප වන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි

උදා වූ 2021 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් අද (2021 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

01 Jan 2021

නාවික හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු සුභ පැතුම් පණිවිඩය

2021 වර්ෂයට පා තැබූ නාවික සහ සිවිල් සේවක ඔබ සැමටත්, ඔබගේ පවුල්වල සියලු දෙනාටත්, අරමුණු කොටගත් යහපත් සිතිවිලි, ප්‍රාර්ථනා, අධිෂ්ඨානයන් එලෙසම ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරමි.

01 Jan 2021