කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කල තවත් පුද්ගලයින් 05ක් පිටව යයි.

කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 05 දෙනෙකු 2020 ජුනි මස 14 වන දින එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

15 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 712ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 14 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

15 Jun 2020

නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 13) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සහභාගිත්වයෙන් ගිංතොට වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී.

13 Jun 2020

කේරළ ගංජා කිලෝ 104 කට අධික තොගයක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව ‍විසින් 2020 ජුනි මස 12 වන දින යාපනය , කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

13 Jun 2020

සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති ගේ සුරතින් විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් අද 2020 ජුනි 13 දින විවෘත කරන ලදී

13 Jun 2020

තහනම් දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි මස 12 වන දින අනලතිව් දූපතේ වෙඩියාඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් දහතුනක් (13) සමග පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

13 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු 2020 ජුනි 13 එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

13 Jun 2020

නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 11 වන දින යාපනය, කයිට්ස්, චිට්ටික්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ධීවර බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් හත්දෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

13 Jun 2020

නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින මූතූර්, උප්පුරල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

13 Jun 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 679ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 12 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

13 Jun 2020