කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 811ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 21ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 ජුනි මස 24 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

25 Jun 2020

හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 24 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

25 Jun 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 24 දෙනෙකු පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 24 දෙනෙකු 2020 ජුනි 24 සහ අද (2020 ජුනි 25) යන දින යන්හි එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව යන ලදි.

25 Jun 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථම ජංගම දන්ත ශල්‍යාගාරය සේවයට එක් කෙරේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරියේ නියුතු නාවික පුද්ගලයින් ගේ සහ දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ඉහල නැංවීමේ අරමුණින් නිර්මාණය කරන ලද ජංගම දන්ත ශල්‍යාගාරය අද දින (2020 ජුනි 25 ) සිට සේවයට එක් කරන ලදි .

25 Jun 2020

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2020 ජුනි 24 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා නැමති ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය ‍තොගයක් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

25 Jun 2020

නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 22 වන දින උතුරු මැද නාවික විධානයට අයත් මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

24 Jun 2020

හෙරෝයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව 2020 ජුනි 23 වන දින මන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

24 Jun 2020

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් යාපනයේදී විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් යාපනය, නගර්කෝවිල් (බ‍ටහිර) ග්‍රාම සේවා වසමේ අභිනවයෙන් ඉදිකරන ලද බහු කාර්යය ගොඩනැගිල්ලක් 2020 ජුනි 22 වන දින විවෘත කරණ ලදි.

24 Jun 2020

වාලච්චේනේයි රජයේ කඩදාසි කම්හල යතා තත්වයට ගැනිමට නාවික හමුදාවෙන් තාක්ෂණික සහය

දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා තිබු මඩකලපුව වාලච්චේනේයි පිහිටි රජයේ කඩදාසි කම්හල යලි ක්‍රියාත්මක තත්වයට ගැනීම සදහා රජය විසින් දරන්නාවු වෑයමට තාක්ෂණික සහය සැපයිමට ශ්‍රි ලංකා නාවික හමුදාව ඉදිරිපත් විය.

24 Jun 2020

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි නාවික හමුදාධිපති හමුවෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර (2020 ජුනි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

24 Jun 2020