කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 250ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 21 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

22 May 2020

නාවික හමුදා සහයෙන් කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ තංගල්ල, සුරාබදු ඒකකය එක්ව 2020 මැයි මස 21 වන දින බෙලිඅත්ත නගරයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

22 May 2020

නාවික හමුදා සහයෙන් අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් (02) නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 21 වන දින කල්පිටිය, නරිකුඩා ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට සමත්වීය.

22 May 2020

නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති සහ හෙරොයින් ලඟ තබා ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 21 වන දින ත්‍රිකුණාමලය උප්පුවේලි සහ වැලිඔය යන ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්පෙති සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

22 May 2020

ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස තවදුරටත් ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගිං ග‍‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට 2020 මැයි මස 21 වන දිනයේදීද නාවික හමුදාව කටයුතු කරන ලදී.

22 May 2020

තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 20 වන දින ත්‍රිකුණාමලය ජමාලියා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

21 May 2020

බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර ඉන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 10 දෙනෙකු අද (2020 මැයි 21) වන දින එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

21 May 2020

කොවිඩ් - 19 සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 16ක් රෝහල් වලින් පිටව යයි - සුව වූ මුළු ගණන 237ක්.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 16 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 20 වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

21 May 2020

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් මුහුදේ අතරමංවූ ධීවර යාත්‍රාවන් හට සහාය ලබාදීම සඳහා නාවික හමුදා නෞකාවක් පිටත් කෙරේ.

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (2020 මැයි මස 21) කටයුතු කරන ලදි.

21 May 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ත්‍රිකුණාමලය ‍කො‍ට්‍ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 19 වන දින නිලාවේලි, ගෝපාලපුරම් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

20 May 2020