නාවික හමුදාව සහ පොලිසිය සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් මගින් කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයන් තිදෙනෙක් (03) අත් අඩංගුවට,

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 අප්‍රේල් 02 වන දින මුල්ලිකුලම් ප්‍රදේශයේ සහ පුත්තලම, කරඹ ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සහ ‍හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

03 Apr 2020

Metallurgical Corporation of China LTD ආයතනය වෙතින් කොරෝනා මර්ධනය සඳහා නාවික හමුදාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ රැසක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සඳහා සහය දක්වමින් මහජන චීන සමූහාණ්ඩුවේ Metallurgical Corporation of China LTD ආයතනය විසින් සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ තොගයක් නාවික හමුදාව වෙත ලබා දීම අද (2020 අප්‍රේල් 02) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

02 Apr 2020

නාවික හමුදාව විසින් කොරෝනා ආසාධිතයැයි සැක කරන පුද්ගලයින්ගේ පරීක්‍ෂණ කටයුතු සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල සංවර්ධනය කෙරේ.

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 02) නෙවිල් ප්‍රනාන්දු රෝහලෙහි කොරෝනා ආසාධිතයැයි සැක කරන පුද්ගලයින්ගේ ඛේඨ හා රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා ස්ථානයක් සකස් කිරීම සහ රෝහලේ වෛරසය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන ගැබිනි මව්වරුන් සිටින ඒකකයේ කැමරා පද්ධතියක් (CCTV System) සවි කිරීම ආරම්භ කරන ලදි.

02 Apr 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවි‍ධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී

නාවික ස්ථානගත කිරිම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 01 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

02 Apr 2020

මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 01 වන දින කුච්චවේලි ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

02 Apr 2020

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල පළමු කණ්ඩායම එම මධ්‍යස්ථානයෙන් පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ පළමු කණ්ඩායම 2020 අප්‍රේල් 01 වන දින පිටත්ව යන ලදි.

02 Apr 2020

නාවික මහ රෝහල ‍(කොළඹ) මඟින් විශ්‍රාමික නාවික පුද්ගලයන් ඔවුන්ගේ කාලත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන් හට මාසික ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි

නාවික හමුදා රෝහල් හි සායනයන් මඟින් ප්‍රතිකාර ලබාගත් විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කලාත්‍රයන් සහ නාවික හා නාවික සිවිල් පුද්‍ගලයින්ගේ පවුලේ සමාජිකයින්, රටේ දැනට පවතින ‘COVID-19’ ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගෙන 2020 අප්‍රේල් මස 04 වන දින සිට ශීත දාමයේ පවතින ඖෂධ හැර (ඉන්සියුලින් වැනි) අනෙකුත් ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතට ප්‍රවාහනය කොට ලබාදීමට කටයුතු සලස්වනු ලබන අතර මෙම වැඩපිළිවෙල ‘COVID – 19’ව්‍යප්ති තත්වය සමනය වන තුරු ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාධිපති තීරණය කරන ලදි.

01 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් කිහිපයක් 2020 මාර්තු 30 වන දින සිට 2020 අප්‍රේල් 01 වන දින දක්වා ගුවන් විදුලි සංස්ථාව, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රීක් මහ ලේකම් කාර්යාලය, මහ බැංකුව සහ මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

01 Apr 2020

හෙරොයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද (2020 අප්‍රේල් 01) කල්පිටිය, මන්දල්කුඩා ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 40 ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

01 Apr 2020

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 මාර්තු 31 වන දින ආරුගම්බේ සිට කොත්තුකාල් ප්‍රදේශය දක්වා සිදුකල පාමුර සංචාරයකදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

01 Apr 2020