නාවික හමුදාව විසින් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ ජාතික රෝහල, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල, කොළඹ කොටුව ආශ්‍රිත බැංකු පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

05 Apr 2020

ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් 2020 අප්‍රේල් 04 වන දින ආරුගම්බේ, මුහුදු මහා විහාර හන්දියේ ස්ථාපිත මාර්ග බාධකයේදී ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

05 Apr 2020

ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාමට සහ බෙදා හැරීමට නාවික හමුදාවේ සහය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 03 වන දින යාපනය, ඩෙල්ෆ් දූපත වෙත අත්‍යාවශ්‍ය ආහාර රැගෙන යාම සහ බෙදා හැරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.

04 Apr 2020

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ තවත් සමාජ සත්කාරයක්.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 04) කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් ‘මිතුරු මිතුරෝ සෙවන’ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැදවූවන් සඳහා වියලි ආහාර සළාක ලබා දීම සිදු කරන ලදි.

04 Apr 2020

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල දෙවන කණ්ඩායමද පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම අද (2020 අප්‍රේල් 03) පිටත්ව යන ලදි.

03 Apr 2020

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලෙහි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි.

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල් පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට පසුගිය දින කිහිපය තුල කටයුතු කරන ලදි.

03 Apr 2020

ගවමස් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) සහ ඇදිරි නීතිය කඩ කල තවත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 අප්‍රේල් 03) ආරුගම්බේ ප්‍රදේශයේ සිදු කල පාමුර සංචාරයක් අතරතුර අවස්ථා තුනකදී (03) ගවමස් කිලෝග්‍රෑම් 34 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඇඳරිනීතිය කඩකරමින් යතුරු පැදියකින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි.

03 Apr 2020

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සදහා නාවික හමුදා සහාය.

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීති තත්වය යටතේ තම විශ්‍රාම වැටුප ලබා ගැනීමට යාම සදහා ගමනා ගමන පහසුකම් ලබා ගත නොහැකිව අපහසුතාවයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා නාවික හමුදාව 2020 අප්‍රේල් 02 සහ 03 යන දිනයන්හිදී තම සහයෝගය ලබා දෙන ලදි.

03 Apr 2020

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත විෂබීජ හරණ කුටි ලබා දෙයි.

නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිශ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටි 2020 අප්‍රේල් 02 වන දින කළුබෝවිල ශික්‍ෂණ රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහල වෙත ලබා දීම සිදු කරන ලදි.

03 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 01 වන දින සිට 02 වන දින දක්වා පුත්තලම මූලික රෝහල, රූපවාහිනි සංස්ථාව, නාරාහේන්පිට හා කිරුළපන ප්‍රදේශයේ මහජන බැංකු පරිශ්‍රයන් සහ පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

03 Apr 2020