ස්වයං නිරෝධායනය වන වැලිසර, ඇලපිටිවල මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා 2020 අප්‍රේල් මස 05 සිට සංගීත වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

07 Apr 2020

නාවික හමුදා රෝහල් වෙතින් දීර්ඝ කාලීනව ප්‍රථිකාර ලබන්නන්ගේ මාසික ඖෂධ සිය නිවෙස්වලට ලබාදීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරයි.

නාවික හමුදා රෝහල් මඟින් ප්‍රතිකාර ලබාගන්නා විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ මාසික ප්‍රථිකාර ලබාගැනීම රටේ දැනට පවතින තත්වය හේතුවෙන් අඩාල වී ඇති පසුබිමක එම පුද්ගලයින් පත්ව ඇති අසීරුතාවය සැළකිල්ලට ගනිමින් ගාල්ල හා මාතර දිස්ත්‍රික්‍ක කේන්ද්‍ර කර ගනිමින් ඖෂධ ඔවුන්ගේ නිවෙස්වලට ගෙනගොස් ලබාදීමේ වැඩසටහනක් 2020 අප්‍රේල් මස 06 වන දින ක්‍රියාත්මක කරන ලදි.

07 Apr 2020

ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් ගාලු මුවදොර වෙරළ තීරයේදී කැස්බෑ පැටවුන් 13 ක් සාගරයට මුදා හරියි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ගාලුමුවදොර වෙරළ තීරයේදී සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් එළියට පැමිණි තවත් කැස්බෑ පැටවුන් 13 දෙනෙකු සාගරයට මුදා හැරීම 2020 අප්‍රේල් 06 වන දින සිදු කරන ලදි.

07 Apr 2020

ගිණිකොණ නාවික විධානයට අයත් ප්‍රදේශයන්හි ජනතාව වෙනුවෙන් නාවික හමුදාවෙන් සහන

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගිණිකොණ නාවික විධානයට අයත් පානම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර සළාක බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

06 Apr 2020

නාවික හමුදාව විසින් තවත් විෂබීජහරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි

‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් 2020 අප්‍රේල් 05 වන දින සහ 06 වන දින පුත්තලම පොලිසිය, රූපවාහිනි සංස්ථාව, පුත්තලම සහිරා මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.

06 Apr 2020

ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා ගමන් ගත් සුඛෝපභෝගී මගී නෞකාවක සිටි ශ්‍රී ලාංකිකයෙකු ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදා සහාය.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය මත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (2020 අප්‍රේල් 06) නාවික හමුදාව කටයුතු කරන ලදි.

06 Apr 2020

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩ බිමට ගෙන්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කරයි.

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ අනුමැතිය හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලාංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (2020 අප්‍රේල් 06) නාවික හමුදාව කටයුතු කරන ලදි.

06 Apr 2020

බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන කටයුතු අවසන් කල තවත් කණ්ඩායමක් ඉන් පිටව යයි.

නාවික හමුදාව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපනය කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් කණ්ඩායමක් අද (2020 අප්‍රේල් 06) ඉන් පිටත්ව යන ලදි.

06 Apr 2020

නාවික හමුදාව තවත් ලේ දන්දීමේ වැඩසටහනක් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

නාවික ස්ථානගත කිරීම හම්බන්තොට ආයතනය සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් රුධිර පාරවිලයන අංශය විසින් සංවිධානය කරන ලද තවත් ලේ දන්දීමේ වැඩසටහනක් නාවික හමුදා පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් 2020 අප්‍රේල් 05 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදි.

06 Apr 2020

ස්වයං නිරෝධායනය වන මහල් නිවාස වැසියන් හට විනෝදාස්වාදය ගෙනදුන් නාවික හමුදාව

කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ දැඩි අවදානම් කළාප ලෙස රජය විසින් නම් කර ඇති දිස්ත්‍රික්ක තුල නිවාසවලට වී සිටින ජනතාවගේ මානසික ආතතිය දුරුකරලීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් නාවික හමුදාව විසින් කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන්ගේ පාළුව කාන්සිය සහ මානසික ආතතිය දුරු කරලීම සඳහා එම පරිශ්‍රයන් වෙත ගොස් ඔවුන් වෙනුවෙන් සංගීත වැඩසටහනක් 2020 අප්‍රේල් 05 වන දින පවත් වන ලදි.

06 Apr 2020